වෙළෙඳපොළට යන්න කදිම බෑගයක්

පෙබරවාරි 19, 2020

වෙළෙඳපොළට යන ඔබ බෑගයක් රැගෙන යා යුතුමයි. ඉටි බෑග් නිසා පරිසරයට වන හානිය අඩු කරගන්න නම් රෙදි බෑගයක් භාවිතයට හුරුවීම වටිනා දෙයක්. ඒ නිසා එවැනි බෑගයක් ඔබේම අතින් මසාගත හැකි නම් හොඳයි නේද? ගමනට බිමනට කදිම මේ ලස්සන බෑගය ඔබේම අතින් මසාගන්න මෙන්න අවස්ථාව.

අවශ්‍ය ද්‍රව්‍ය

කැම්බ්‍රෙල්ලා හෝ වෙනත් රෙදි වර්ගයක් (වර්ණ

දෙකකින් යාරයක් බැගින් ලබා ගන්න. මෙම රෙදි යාර

දෙකෙන් ඔබට බෑග් 3ක් මසා ගැනීමට හැකියි.)

ගැළපෙන වර්ණ නූල්

පතරොම් සකස් කරගන්නා ආකාරය

මෙහි ලබා දී ඇති සියලුම කොටස්වල මිමි අඟල්වලින් ලබා ගත යුතුයි. පළමු රූප සටහනේ පෙනෙන පරිදි උස අඟල් 32 ක් හා පළල අඟල් 20 ක් වන ලෙස රෙදි කොටසක් කපා ගන්න. ඝනකමින් අඩු රෙදි වර්ගයක් නම් ලයිනිං කොටසක් එම ප‍‍්‍රමාණයටම කපා ගන්න.

ලයිනිං කොටස රෙද්දේ කණ පිටට තබා අල්පෙනෙති කිහිපයක් ගසා ගන්න.

දෙවැනි රූපයේ පෙනෙන පරිදි වෙනත් පැහැයකින් රෙදි කොටස් දෙකක් අඟල් 8×20 ප‍‍්‍රමාණයෙන් කපා ගන්න. තුන්වැනි රූපයේ පෙනෙන පරිදි පටි දෙක සඳහා අඟල් 4×24 ප‍‍්‍රමාණයට රෙදි කොටස් දෙකක් කපා ගත යුතුයි.

 

2020/02/19 තරුණි බලන්න

 

ප‍‍්‍රවීණ උපදේශිකා

සේපාලිකා විතානගේ