වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
සිඟිත්තන් වෙනුවෙන් අගනා නිර්මාණ පෙළක්
පොඩිත්තන් වෙනුවෙන් ලස්සන නිර්මාණ කරලා සතුටු වෙන්න අම්මලා හුඟාක් කැමැතියි. ඒ හින්දම පැච්වර්ක් කලාවෙන් පොඩිත්තන් සඳහා අගනා නිර්මාණ පෙළක් නිමවා ගන්නා ආකාරය මෙලෙස ගෙන එනවා.
බේබි බ්ලැන්කට් එකක්, කුෂන් කවරයක්, සෙල්ලම් කරන්න කියුබ් එකක්, බිත්තියේ එල්ලන්න කුඩා සැරසිලි හෝ මැට් ලෙස භාවිත කළ හැකි නිර්මාණ, කිරි බෝතල් ආදී සිඟිත්තාගේ දේවල් රඳවන්නට රඳවනයක් ආදිය මෙම සමූහයට ඇතුළත්.
අවශ්‍ය ද්‍රව්‍ය
දරුවන් වෙනුවෙන් ගැළපෙන ළා වර්ණ මුද්‍රිත හා තනි පැහැති රෙදි
පැඩිං හා ලයිනිං සඳහා රෙදි
ෆෙල්ට් රෙදි (අවශ්‍ය නම්)
රික් රැක් රේන්ද
ගැළපෙන වර්ණ නූල්
අවශ්‍ය අනෙකුත් දේවල්
බිම අතුරන්න බ්ලැන්කට් එකක්
මෙය අඟල් 34×44 ප්‍රමාණයේ එකකි. ඒ සඳහා අඟල් 35×45 ප්‍රමාණයේ මතු පිට රෙදි කොටසක් හා ලයිනිං රෙදි කොටසක් කපාගන්න. එම ප්‍රමාණයටම පැඩිං කොටසක් ද කපාගන්න. මතුපිට රෙදි කොටස හා ලයිනිං කොටස හොඳපිට ඇතුළට සිටින සේ තබා එක් පැත්තක ඉඩ ටිකක් ඉතිරි කර වටේ මසාගන්න. දැන් ඉඩ තැබූ තැනින් හොඳපිට හරවා ගන්න. එතැනින් පැඩිං කොටස ඇතුළට දමා අතින් හොඳීන් දිගහැර සකසා ගන්න. දැන් ඉඩ තැබූ ටික ද මැහුම් වාසි ඇතුළට නමා මසාගන්න. පසුව මෙම කොටස් තුනම හසුවන සේ කුවීල්ට් කරගන්න. ඔබ කැමැති නම් මෙහි වටේට තනි පැහැති රෙදි පටියක් බෝඩරයක් ලෙස හෝ රෙදි පටියක් රැලිකර ෆ්‍රිල් එකක් සේ අල්ලා ගත හැකියි. එයින් අලංකාරය වැඩිවේ.
කදිම බිත්ති සැරසිලි
මල් සහිත හෝ සත්ත්ව රූප සහිත රෙදිවලින් අඟල් 10½×10½ රෙදි කොටසක් කපාගන්න. අඟල් 12½×2½ රෙදි කොටස් දෙකක් හා අඟල් 8½×2½ කොටස් දෙකක් තනි පැහැයෙන් කපාගන්න. එම කොටස් හතර අඟල් 10½×10½ රෙදි කොටස වටේට අල්ලන්න. දැන් නිර්මාණයේ ප්‍රමාණය මැන එම ප්‍රමාණයට ගැළපෙන ලෙස පැඩිං කොටසක් හා ලයිනිං රෙදි කොටසක් කපාගන්න. දැන් මතු පිට කොටස යටින් පැඩිං කොටස හා ලයිනිං කොටස තබා වටේම මසගන්න. පසුව බයස් පටියක් නිර්මාණය වටේට අල්ලාගෙන කුවිල්ට් කරගන්න.
2020/02/19 තරුණි බලන්න