වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
පොට් හෝල්ඩර් සමඟ මේසයට ටේබල් මැට්
මුළුතැන්ගෙය ගෘහණියගේ රාජධානියයි. එහි පිරිසුදුබවත් පිළිවෙළත් කියන්නේ ඇගේ හැකියාවයි.
ළිප තැබූ උණුසුම් බඳුන් අල්ලන්න, ළිපෙන් බඳුන් ඉවත් කරන්න රෙදි කොටසක් තිබිය යුතුයි. එවැනි රෙදි කොටසක් නැත්නම් ඔබේ මුළුතැන්ගෙයි ලොකුම අඩුවක්.
ඒ සඳහා බොහෝ අය පරණ රෙදි කොටස් භාවිත කළත් ඔබට හැකිනම් ලස්සනට බඳුන් අල්ලනයක් සකසා ගන්නට එය ඔබේ හැකියාව කියාපායි. මෙහි දැක්වෙන්නේ එලෙස ලස්සනට සකසා ගත් බඳුන් අල්ලන හෙවත් පොට් හෝල්ඩර්ය. මේවා ලස්සනට එල්ලා තබන්නටත් හැකියි.
ඒ විතරක් නෙමෛයි ලූප් රහිතව සැකසූ විට මේවා ටේබල් මැට් හෙවත් මේස දරණු ලෙස භාවිත කරන්නත් පුළුවන්. එවැනි ටේබල් මැට් හයක් සකසා හිත මිතුරියන්ට තිළිණ කරන්නත් පුළුවන්.
එහිදී කෝප්ප තබන්න නම් රවුමේ ප්‍රමාණය කුඩා විය යුතු අතර කෑම මේසයට නම් මෙම ප්‍රමාණයම ගැළපේ.
මෙම ස්ට්‍රෝබෙරි සහිත පොට් හෝල්ඩර් කිහිපය මම දුටුවේ වෙළෙඳසලක අලෙවියට තබා තිබෙන ආකාරයයි. එකක මිල රුපියල් සියයක්. එහෙම නම් ඔබටත් පුළුවන් මෙවැනි බඳුන් අල්ලන හෝ මේස දරණු කිහිපයක් සකසා අලෙවි කරන්නට.
අවශ්‍ය ද්‍රව්‍ය
කඩදාසි කොටසක්
මතුපිට සඳහා රෙදි යාර ¼ ක්
ලයිනිං සඳහා රෙදි යාර ¼ ක්
පැඩිං යාර ¼ ක්
බයස් පටි
නිර්මාණය කිරීම
මේ සඳහා කඩදාසි කැබැල්ලේ අඟල් 9 ක වෘත්තයක් (කවයක්)අඳීන්න. එය කපා ගන්න. එලෙස කපාගත්තේ පතරොමයි.
2020/03/04 තරුණි බලන්න