සිහින් සිරුරකට ෆිටෝන් සාරි ජැකට්

මැයි 13, 2024

නීට් එකට නිවැරදිව “ෆිටොන් ෆ්‍රී“ සාරි ජැකට් එකක් ඉතාමත් සරලව ලෙහෙසියෙන් ඉක්මනින්ම මහන්න ඔබත් කැමති ඇති. එහිදී සාරි හැට්ටය මැසීමට පෙර දැනගත යුතු මූලික කරුණු පිළිබඳ ඔබ මේ වනවිටත් දැනුවත්.

එබැවින් අද අපි මිමි ගැනීමේ සිට පතරොම සැකසීම දක්වා දැනුවත් වෙමු.

 

සාරි ජැකට් එක සඳහා නිවැරදිව මිනුම් ගැනීම

උරහිස මිනුම - ඇඟේ පිටුපස පැත්තෙන් සාමාන්‍ය උරහිසට වඩා අඟල් 2ක් අඩුවෙන් මිනුම (කිහිලිකට වටා ටේප් එක දමා ඒ අතර කිහිලිකට ඉහළ මුදුන දෙක අතර)

පපුව වට - පිට ප්‍රදේශය පොළොවට සමාන්තරව පපුව මුදුන හරහා මිනුම ගන්න.

ඉණ වට -අවශ්‍ය උසට ඉණ පටියක් බැඳ ඒ හරහා මිනුම ගන්න.

උර සිට පපුව මුදුන උස - H.P.S
(උරහිස මුදුන සිට පපුව මුදුන උස)

උර සිට ඉණට උස -H.P.S
 සිට පපුව, පපුව යට ඉණට උස (පටිය දක්වා) (ඉදිරිපසින්)

උර සිට ඉණට (පිටුපසින්) -H.P.S
 සිට ඉණ පටිය බැඳි තැනට උස

ඉදිරි කර ගැඹුර - H.P.S
 සිට ඔබට අවශ්‍ය කර ගැඹුර

පිටුපස කර ගැඹුර -H.P.S
 සිට ඔබට අවශ්‍ය පිටුපස කර ගැඹුර

කිහිලි කට වට මිනුම - කිහිලි කට වටා ටේප් එක දමා හොඳින් හේත්තුවන ලෙස ටේප් එක දමා කිහිලි කට මනින්න.

ඩාට් පරතරය -දෙපසට විහිද නොයන ලෙස පපුව මුදුන අතර දුර ගන්න.

කර වට මිනුම - බෙල්ල වටා ටේප් එක දමා ඉදිරි වලට (කර ගැඹුර) පෙනුම ගන්න. (හයිනෙක් ක්‍රමයට මැසීමේදී)

කිහිලි කට හරහා පපු වටය -පිටුපසින් හොඳින් හේත්තුවන ලෙස තබා කිහිලි කට හරහා මිනුම ගන්න.

ඉණ සිට අඟල් 3ක් ඉහළින් මිනුම - ඉණට පටියක් බැඳි තැන සිට අඟල් 3 ක් ඉහළින් ටේපය තබා වට මනින්න.

කෙට්ටු නම් ඉණ මිනුමම වේ) සාමාන්‍ය මහත නම් අඟල් 1/2ක් පමණ හැඩවීමක් වේ.

 

අත දිග - උරහිස කෙළවර සිට අත දිග මනින්න. වැලමිටට වඩා දිග අතක් නම් අත නවා මිනුම ගන්න.

අතවට -අත නවා ඉහළ අත වට මිනුම ගන්න. අත දිගට නම් මැණික් කටුවට පහළින් ඇඟිලි එකට කළ විට අල්ල මැද හරහා මිනුම ගන්න.

අත් ගොබය -(අතේ මහතම තැන) අත ඉහළ මහතම තැන වටය ගන්න.

 

මූලික පතරොම නිර්මාණය සාරි හැට්ටයේ ඉදිරිපළුව නිර්මාණය

(Guide line ඇඳීම)

1. කෙළින් රේඛාවක් ඉහළට හා පහළට

2. උරහිස මුදුන රේඛාව (H.P.S)

3. උරහිස මුදුනේ සිට අඟල් 1ක් හෝ අඟල් 1 1/2ක් පහත් කිරීම උරහිස රේඛාව (Shoulder line) වේ.

4. උරහිස මුදුනේ සිට අඟල් 3ක් පහත්කර මූලික කර රේඛාව වේ.

5. උරහිස මුදුනේ සිට රැගල් උස රේඛාව (Armhole line)

උරහිස/2 + අඟල් 1/2 වේ. එනම් අඟල් 12/2+ අඟල් 1/2 = අඟල් 6 1/2 වේ.

6. උරහිස මුදුනේ සිට පපුව මුදුන දක්වා දුර අඟල් 12 1/2 වේ. (Bust line)

7. උරහිස මුදුනේ සිට පපුව යට දක්වා දුර අඟල් 12 1/2 වේ. (Under bust line)

8. ඉදිරිපස සම්පූර්ණ උස අඟල් 15කි. (උරහිස මුදුනේ සිට අවශ්‍ය උස) (Waist line)

හරස් රේඛාවක් මත සකසා ගත් මිනුම් ලකුණු කිරීම

1. කර පළල/2 මුල්ම රේඛාවේ හරහට ලකුණු කරන්න. (කර පළල අඟල් 2 1/2 හෝ අඟල් 3කි.)

2. උරහිස/2 = 12/2 = අඟල් 6 උරහිස රේඛාවේ ලකුණු කරන්න.

 

3. මූලික කර හා උරහිස ලක්ෂ්‍යය යාකර උරහිස අඳින්න. (shoulder angle))

4. පපුව වට/4 + අඟල් 1 එකතුකර රැගල් රේඛාවේ පපුව වට මිනුම ලකුණු කරන්න.

(අඟල් 32/4 = අඟල් 8 + අඟල් 1= අඟල් 9)

5. උරහිස කෙළවර සිට පහළට කෙළින් රේඛාවක් ඇඳ එහි හරි මැද ලකුණු කරන්න. කිහිලි කට /අඟල් 2 එම රේඛාවේ කිහිලි කට වක්‍රය මැන රැගල් රේඛාවේ ලකුණු කරන්න.

6. කිහිලි කට හා යාකර අංශය හැඩ කරන්න. (ඉණ සිට අඟල් 3ක් පමණ ඉහළට යාකර එම රේඛාවේ අඟල් 1/2ක් පමණ අඩුකර අංශය හැඩ කරන්න.

7. ඩාට් පරතරය/2 පපු රේඛාවත්, පපුව යට රේඛාවෙත්, ඉණ රේඛාවේත් ලකුණු කරන්න.

8. ඩාට් වගුව බලා ඉදිරි මැද ඩාටය (center front)) හා අංශ ඩාට් (side dart)) ලකුණු කරන්න.

9. C Lරේඛාවේ පපුව යට සිට ඉහළට අඟල් 1 1/4ක් හා අංශය දෙසින් අඟල් 1/4ක් බැගින් ඉහළට ඔසවා බ්‍රාකට් හැඩය අඳින්න.

10. අවශ්‍ය කර ගැඹුරු යා කරන්න. (කර ගැඹුර වැඩි කරන විට උරහිස දෙසින් අඟල් 1/2ක් හෝ අඟල් 1ක් අඩු කරන්න.)

11. උරහිස රඳවනය අඟල් 2 1/2ක් හෝ අඟල් 3ක් ගන්න. උරහිස කෙළින් කරන්න.

12. කරට අඟල් 1/2ක නෙක් ඩාටයක් දෙන්න. අවශ්‍ය මැහුම් වාසි වටේටම ලබා දෙන්න.

 

පිටුපස පළුව නිර්මාණය

(Guide line) උස මිමි

පසු මැද රේඛාව හා උරහිස රේඛාව සිරස්ව හා තිරස්ව රේඛා අඳින්න. (පළල සිට අඟල් 1ක් හා උරහිස අඟල් 1/2ක් ඉහළට ඔසවන්න.) උරහිස මුදුනේ සිට අඟල් 1ක් හෝ අඟල් 1 1/2ක් පහත් කර උරහිස රේඛාව අඳින්න. උරහිස මුදුනේ සිට කිහිලිකට උස රේඛාව අඳින්න. (උරහිස/2+ අඟල් 1/2) උරහිස මුදුනේ සිට පිටුපස උස රේඛාව අඳින්න.

 

හරස් රේඛා මත සැකසූ මිනුම් ලකුණු කරන්න.

උරහිස මුදුන රේඛාවේ මූලික කර හැඩය ලකුණු කරන්න.

අඟල් 2 1/2ක් හෝ අඟල් 3ක් එතැන් සිට අඟල් 1ක් ඉහළට ඔසවන්න. උරහිස/2 උරහිස රේඛාවේ ලකුණුකර අඟල් 1/2ක් ඉහළට ලකුණු කරන්න. මූලික කර හා උරහිස යා කරන්න. පපුව වට

4 1/2ක් අඩුකර රැගල් රේඛාවේ ලකුණු කරන්න. උරහිස කෙළවරත් අත් කට රේඛාවත් ලකුණුකර කිහිලි කට වක්‍රය අඳින්න. ඉණවට/ 4+2 (ඩාට්) ඉණ රේඛාවේ ලකුණු කරන්න. උරහිස අඟල් 2 1/2ක් හෝ අඟල් 3ක් ලකුණුකර උරහිස කෙළින් කරන්න. අංශය අඳින්න. වටේටම මැහුම් වාසි ලබා දෙන්න.

 

 

උපදෙස් -

කර්මාන්ත හා වාණිජ කටයුතු

අමාත්‍යාංශයේ ප්‍රවීණ මැහුම් උපදේශිකා

අනූෂා සඳමාලි