නිවෙස ජීවයෙන් පුරවාලන විදුලි පහන්

ජූලි 21, 2021

 

තමන්ගේ ආදරණීයයන් ජීවත්වන නිවෙස තව තවත් ජීවයෙන් පුරවාලන්නට අපි කවුරුත් කැමැත්තෙමු. විශේෂයෙන් ම නිවෙසේ අලංකාරබව වැඩි කරන්නට එකතු කරන විවිධාකාරයේ අංගෝපාංග එම නිවහනට රැගෙන එන්නේ පුදුමාකාර චමත්කාරයකි.

ඒ විතරක්ද .....ඔබේ සොඳුරු කැදැල්ල ජීවී බවින් පිරිපුන් කරන්නටත් ඒ ගෘහ අලංකරණ කදිම දායකත්වයක් සපයනවා නොවේද ?

 

මොහොතක් මේ ඡායාරූප දෙස බලන්න.

 

ඔබේ නිවෙසේ අඳුර පලවා හැර ආලෝකමත් ස්ථානයක් බවට පත් කරන්නට විදුලි ආලෝකය නැතිවම බැහැ නේද ? නිවෙසේ විවිධ ස්ථාන සඳහා මෙන්ම විවිධ කාර්යයන් සඳහා ගැළපෙන විදුලි පහන් අප මෙහිදී භාවිත කරනවා. ඒ වාගේම ඒ ඒ ස්ථාන සඳහා විවිධාකාරයේ හැඩතල සහිත විදුලි පහන් තෝරා ගැනීමත් මෙහිදී අපට කළ හැකියි. ඒකාකාරී හැඩයන් සහිත සාම්ප්‍රදායික විදුලි පහන් රාමුවෙන් මිදී වෙනස් හැඩයන් සහිත මෙවැනි තෝරාගැනීමක් ඔබටත් කළ හැකිනම් එය ඔබේ නිවෙස ජීවයෙන් පුරවාලන්නට කදිම අත්වැලක් සපයාවි.

 

ඡායාරූප -අන්තර්ජාලයෙනි