ඉවතලන දෙයින් නිවෙසට කලඑළියක් ගෙනෙමු

ඔක්තෝබර් 6, 2021

 

සොබාදහමින් අප වෙත දායාදවන තිළිණයන් බොහෝමයි. ඒ අතරින් මහඟුතම දායාදයක් වූ ගහකොළවල හටගන්නා ගෙඩි, මල්, කොළ, පොතු, අරටු ආදී වශයෙන් සියල්ලක්ම පාහේ ප්‍රයෝජනයට ගන්නේ කිසිදු වියදමක් නොදරාමයි. ඊට අමතරව ඒවායෙන් ඉවතලන කොටස් පවා විවිධාකාර ලෙස පාවිච්චියට ගන්නා අතර අනතුරුව ඒවා දිරාපත්ව පොහොර ලෙසින් නැවතත් පරිසරයටම එකතු වේ.

නිවෙස කලඑළි කරනා මේ සොඳුරු නිර්මාණ දෙස මොහොතක් බලන්න. හරි අපූරු මේ නිර්මාණ සඳහා යොදාගෙන ඇත්තේ ද අප අවට පරිසරයෙන්ම සපයා ගතහැකි කොහු ලණු , ගෝනි කැබැලි සහ ඉවතලන දැව කැබලිය. මේවා කපා ඔපමට්ටම් කර බඳුන්වලට අලවා විසිතුරු මල් බඳුන් බවට පත්කර තිබේ. ඊට අමතරව වීදුරු බෝතල්, මැටි බඳුන් ආදිය ද කොහු ලණු ඔතා රේන්ද , මුතු පබළු, අලංකාර කෘත්‍රිම මල් ආදියෙන් හැඩ වැඩ කර තිබේ. බිත්ති සරසනා මේ අනෙක් නිර්මාණ සකසාගෙන ඇත්තේ සීරුවට ගෙතූ කොහු ලණුව ආධාර කරගෙනයි.

කොරෝනා වසංගතයත් සමඟම මේ දිනවල ඔබේ කාලය වැඩි වශයෙන් ගත වන්නේ නිවෙසේයි. ඉතින් ඒකාකාරී කාල රටාවක් තුළ පීඩාවට පත්වී සිටින ඔබේ පුංචි පැටවුන් එකතු කරගෙන මෙවැනි නිර්මාණ කිහිපයක් කළ හැකි නම් එය මොනතරම් අපූරු ද ?