කෝවිඩ් ආශ්‍රිත ගැබිනි මවුවරුන්ගේ සොඳුරු නවාතැන්පොළ

නැගෙනහිර කොළඹ මූලික රෝහල
ජුනි 10, 2020

මුල්ලේරියාව රෝහල කෝවිඩ් රෝහලක් වුණේ මෙහෙමයි

රෝහල් ඉතිහාසයෙන් බිඳක්

70 දශකයේ මුල් භාගයේ ඇරැඹි මුල්ලේරියාව රෝහල් භූමිය එවකට අක්කර 120 ගණනකින් යුතු වූවකි. ජයතිලක නම් පින් සිතැත්තකුගේ පරිත්‍යාගයක් වූ මේ භූමියේ මුල් කාලයේ තිබුණේ මානසික රෝහලේම කොටසකි. 2004 වසරේ මූලික රෝහලක් බවට පරිවර්තනය වූ මෙය නැගෙනහිර කොළඹ මූලික රෝහල ලෙස නම් කෙරිණි.

මානසික ආබාධ වලින් යුතු පිරිස් අංගොඩ මානසික රෝහල සහ ඒ යටතේ පාලනය වන භදඪබ 2 රෝහල වෙත යැවුණි. උණ, අංශභාග, හෘද රෝග ආදී වූ කායික රෝග , ළමා හා කාන්තා, මාතෘ රෝග, ශල්‍ය යනාදී ඒකක පැවතියේ ය. මේ හැම ඒකකයක් ම භාරව විශේෂඥ වෛද්‍යවරයෙක් සිටියි.

අද එය පැය 24 පුරාම ක්‍රියාත්මක හදිසි ප්‍රතිකාර ඒකකයක් ඇතුළුව අංග සම්පූර්ණ ⁣මූලික රෝහලක ඇති සියලුම අංගෝපාංගයන්ගෙන් සමන්විත වූවකි.

 

 

මේ අන් කවර කලකටත් වඩා සුව විරුවන් කෙරෙහි අපමණ ගෞරව සම්ප්‍රයුක්ත හැඟීමක් සෑමදෙනකුගේම සිත්හි උපන් වකවානුවකි.

රාජකාරිය දේවකාරිය මෙන් සලකා උපරිම කැපවීමකින් කටයුතු කරන එවැනි සුවවිරුවන් සිටින රෝහලක් සොයා අප ගියේ එය තරුණී පාඨක කාන්තා ඔබට සුවිශේෂී වන නිසාවෙනි.

කොවිඩ් සම්බන්ධයෙන් වූ දෙවැනි රෝහල

මේ නැගෙනහිර කොළඹ මූලීක රෝහල නොහොත් මුල්ලේරියාව රෝහලයි. කෝවිඩ් සම්බන්ධයෙන් කටයුතු කරන දෙවැනි රෝහල ලෙස ගැනෙන්නේ මෙ⁣ම රෝහලයි.

බෝවන රෝග සම්බන්ධයෙන් ජාතික බෝවන රෝග විද්‍යයතනය කවදත් කටයුතු කරද්දී මුල්ලේරියාව රෝහලට කෝවිඩ් සම්බන්ධයෙන් කටයුතු කරන්නට සිදුවූයේ අනපේක්ෂිත මොහොතකදීය. ඉතාලිය ආදී රටවල ශීඝ්‍රයෙන් කොරෝනා පැතිරෙද්දී ලංකාවේ පළමු රෝගියා වාර්තා වෙද්දී කෝවිඩ් සම්බන්ධයෙන් කටයුතු කරන්නට වේවිදෝ යන හැඟීම රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසට ඉවෙන් මෙන් දැනෙන්නට විය. එවැනි මොහොතක දී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ අංගොඩ රෝහලේ අධ්‍යක්ෂ ප්‍රියන්ත කරුණාරත්න අමතන්නට විය. ධ්ච්ඩ් රෝහලේ රෝගීන් සඳහා ඉඩකඩ ප්‍රමාණවත් නොවුණහොත් මේ රෝහලේ කෝවිඩ් රෝගීන් වෙනුවෙන් නේවාසිකව ප්‍රතිකාර කිරීමට හැකිවේවි ද යන ප්‍රශ්නය යොමු කරන්නට විය.

 

විශේෂ ස්තූතිය

අධිකරණ වෛද්‍ය නිලධාරි

කසුන් විතාන මහතාට (සැලසුම් හා තත්ත්ව කළමනාකරණ ඒකකය)

 

2020/06/08 තරුණි බලන්න.