ජ්‍යොතිෂය ගැටලු

ජූලි 22, 2024

සුවහසක් තරුණී පාඨකයන්ගේ අපේක්ෂාවන් හා ඉල්ලීමක් ඉටු කරමින් අපි ඔබට අගනා වටිනා අවස්ථාවක් උදාකර දෙමු. අපගේ පාඨකයන් නිරතුරුවම ඉල්ලා සිටියේ ඔවුන්ගේ දහසක් බාධක හා ගැටලු සඳහා ‍ෙජ්‍යාතිෂයෙන් සහනයක් ලබා දෙන ලෙසයි. එම අපේක්ෂාව හා ඉල්ලීම එලෙසින්ම ඉටු කරමින් අප ඔබට සුවිශේෂී ‍ෙජ්‍යාතිෂය ගැටලු විසඳීමේ පාඨක තීරයක් මෙලෙසින් ආරම්භ කරමු.

මේ සඳහා එක් ක්‍රමයක් වන්නේ තැපැල් මඟින් ඔබගේ හඳහනේ පිටපතක් සමඟ ඔබේ ගැටලුව යොමු කිරීමයි. නැත්නම් අපගේ එඩචබඵචනන අංකයට නම සහ ලිපිනය සමඟ හඳහනේ පිටපතක් යොමු කිරීමයි. එසේ යොමු කරන ජන්ම පත්‍ර පිටපත චන්දන සතරසිංහ මහතාට යොමුකර ඒ සඳහා පිළිතුරු අප තරුණී පුවත්පතේ පළ කරන්නේමු. ඔබගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂාකර ගැනීම සඳහා අන්වර්ථ නමක් හෝ ලිපිනයක් යොදා ගැනීමට ද ඔබට හැකියාව තිබේ.

අපගේ ලිපිනය,

ජ්‍යොතිෂ ගැටලු

තරුණී

ලේක්හවුස්.

කොළඹ - 10

 

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp  කරන්න.

 

පවුලේ අසමඟිය

 

මගේ සැමියා මා මඟ හරියි. නිතර අඬ දබරවන අපේ පවුලේ සමගියක් නොමැත. මෙයට හේතුව කුමක්ද?

බණ්ඩාරගම -වසන්ති

හඳහනේ ග්‍රහ පිහිටීම අනුව මෙය පුදුම විය යුතු කාරණාවක් නොවේ. නීත්‍යනුකූල විවාහ වූ දිනයේ සිට ඔබ පීඩනයට පත්ව ඇති බව සඳහන් කරමි. එතැන් පටන් මේ වනතුරු ඉතාම දුක්බර දිවියක් ගත කරන බව ද කිව හැකියි. මෙයට හේතුව හත්වැනි කොටුවේ ශනි මංගල යෝගය යෙදීමත්, අටවෙනි කොටුවේ තිබෙන පාප ග්‍රහ පිහිටීමත්ය. කොතෙක් සාර්ථක පවුල් දිවියක් ගත කිරීමට සිතුවද සෑමදිනම එය අසාර්ථක වෙයි . ඔබගෙන් මතුවන නපුරු දුෂ්ට ගති පාලනයකර ගැනීම අනිවාර්යෙන් කළ යුතු ක්‍රියාවක් වෙයි. හොඳින් තේරුම් ගෙන ජීවත් වීමෙන් මෙයින් ගැළවිය හැකියි.

 

උසස් පෙළට සුදුසු විෂයයන්

 

මගේ දියණිය උසස් පෙළ කිරීමට සූදානමින් සිටියි. ඇයට සුදුසු විෂයයන් කුමක්ද?

බෙලිඔය - මැණිකේ දිසානායක

 

දරුවාට අනිවාර්යයෙන්ම කලා විෂයය පිහිටා ඇත. එහි ප්‍රධාන විෂයයට නර්තනය හෝ සංගීතය මනාවට ගැළපෙයි. දෙවරක් නොසිතා එම විෂයය ධාරාවන් තෝරාගන්න. තිබෙන්නා වූ බාධාවන් මඟහැරීම සඳහා බෝධි පූජා දින හතක් පවත්වා දෙහි කපා ගැනීම සුදුසුය.

 

දරුවා දඩබ්බරයි

 

එකම පුතුගේ හඳහනට අනුව ඔහුගේ දඩබ්බරකමට හේතුව දැන ගැනීමට - කැමැත්තෙමි.

අහංගම - ශ්‍රියාලතා ගමගේ

 

අනිවාර්යයෙන්ම මේ වනවිටත් ඔහු පාලනය කළ නොහැකි දඩබ්බරයෙක් බව පවසමි. නීති විරෝධී කටයුතුවල යෙදෙන පුද්ගලයකු මෙන් මොහු ක්‍රියා කරයි. මේ සියලු කටයුතු ඉතා කෙටි කලකට බව අවධාරණයෙන් යුතුව සඳහන් කරමි. උපන් භූමියෙන් හා රටෙන් පිටකර හැරීමෙන් මේ තත්ත්වය මඟහරවා ගත හැකි වනු ඇත. 2025 අප්‍රේල් 01 දා සිට 30 වැනිදා කාලය තුළ මොහුගේ ජීවිතයට හානි සිදුවන බවද සඳහන් කරමි. දක්ෂ ජ්‍යොතීර්වේදියකු ලවා හඳහන පරීක්ෂා කරවාගන්න. එයට අනුව වතාවත් හා පිළිවෙත් කරගන්න.

 

ශරීර ලක්ෂණවල වෙනසක්

 

මා උපතින් ස්ත්‍රියක් වුවද ශරීරයේ බාහිරින් පුරුෂ ලක්ෂණ වෙයි. මෙයට හේතුව කුමක්ද?

මීගමුව - මාරි ස්ටෙලා

 

උපන් හඳහනින් බුද ග්‍රහයාගේ පිහිටීම අනුව අනිවාර්යයෙන්ම එය එසේම බව සඳහන් කළ හැකියි. ස්ත්‍රීත් නොවන පුරුෂත් නොවන ලක්ෂණ පෙන්නුම් කරයි. තව තවත් ඔබ වයසින් වැඩි වනවිට මෙම තත්ත්වය වර්ධනය වෙයි. ඔබ ස්ත්‍රියක් වුවද ඔබගේ හිත ආකර්ෂණය වන්නේ ස්ත්‍රීන්ටමය, ලිංග විපර්යාසයක් ද ඇත. එයට හේතුව මා පෙර පැවසූ පරිදි රවි, බුධ, චන්ද්‍ර යන ග්‍රහයන්ගේ සංකලනයෙන් සිදුවන සංයෝජනයක් නිසයි. ඒ ගැන වුවමනාවට වඩා නොසිතා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න.

 

දරුපල ගැන සැකයක්

 

මම මාස හතක ගැබිනියක්මි. මෙයට පෙර දරුපල දෙකක් අහිමි විය. මෙයද එසේ වේදැයි බියෙන් පසුවෙමි.

දෙමටගොඩ - පද්මිණී

 

ඔබ පෙර ආත්මවල කළ කර්මයක් නිසා කර්මඵල ලබා ඇති බව සඳහන් කරමි. නිතරම සිත සන්සුන්කර ගන්න. ආගමික වතාවත්වල යෙදෙන්න. එම දරු කලලය පිහිටා ඇති කාලය සුබ බව මා හට කිව හැකියි. නමුත් දරු ප්‍රසූතිය වෙනතුරු හොඳින් ප්‍රවේශම් වන්න. දරු ප්‍රසූතියෙන් පසුවද දරුවාට වසර දෙකක් යනතුරු කිරි දීම, නෑවීම, පෙවීම, දෙන ආහාර බොහොම ප්‍රවේශමෙන් ලබා දෙන්න. දරු ප්‍රසූතිය වනතුරු දෛනික කටයුතු ඉතා ප්‍රවේශමෙන් කරන්න. ළඟම ඇති පන්සලට ගොස් රාත්‍රියේ අට නවමය කාලයේ නව තෙල් පහන් අටකට තල පොට්ටනි 108ක් දමා එහි ගිල්වා දල්වන්න. මල් සුවඳ දුම් හා අනෙකුත් පූජා ද්‍රව්‍ය තබා දින විසි එකක් බෝධි පූජා තබන්න. සියලු දෙවියන්ට පින් දෙන්න. පත්තිනි මෑණියන්ට හා ශිව පාර්වතියට භාර වෙන්න. දරු ප්‍රසූතියෙන් මාස දෙකක් යනතුරු ජය ශ්‍රී මහා බෝධියට, දළදා මාලිගාවට, කිරි වෙහෙරට කිරිපිඬු තබා පූජා තබන බවට බාර වෙන්න.

 

 

උපදෙස්

‍ෙජ්‍යාතිෂවේදී ගුප්ත විද්‍යා විශාරද

වෛද්‍ය ආචාර්ය චන්දන සතරසිංහ