වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ලොවම විස්මයට පත් කරමින් පැමිණි දස නිවුන් දරුවෝ...
37 වියැති තමාරා සිතොලේ බිහි කළ දරුවන්ගෙන් තිදෙනෙක් ගැහැනු දරුවන් වූ අතර හත්දෙනෙක් පිරිමි දරුවන් විය. මින් දරුවන් පස්දෙනකු සාමාන්‍ය ලෙස උපත ලැබුවද දරුවන් පස් දෙනකු උපත ලැබුවේ සිසේරියන් සැත්කමකිනි.
*වැඩිම දරුවන් ගණනක් බිහි කළ කාන්තාව ලෙස ඇයගේ නාමය ලෝක වාර්තා අතරට එක් විය
දරුවකු යනු මව්පියන්ට ඇති ලොකුම සම්පතයි. ලොව වෙසෙන සෑම සත්ත්වයෙක් ම තම දරුවනට දැඩි සේ ආදරය කරති. දරුවකුට උපත දීම ගැහැනියකට තම ජීවිතයේ දී ඇතිවන ලොකුම වෙනසයි. උපරිම දරා ගැනීමයි. සතුට, අනාගතය ගැන ඇති බලාපොරොත්තු මේ සියල්ල ම ඒ හා බැඳී පවතී. එකවර දරුවන් දහ දෙනකුට උපත ලබා දීම කුමනාකාරයේ අත්දැකීමක් දැයි සිතා ගැනීමට ද අසීරු ය.
එහෙත් පසුගිය හත් වැනි සඳුදා දිනයේ අප්‍රිකානු ජාතික මවක් මේ අත්දැකීම වෙනස්ම ආකාරයකින් අත්වින්දා ය. ඇය සූදානම්ව සිටියේ අටනිවුන් දරු උපතකට ය. ඒ, ඇය පරීක්ෂා කළ වෛද්‍යවරුන්ගේ නිර්දේශය වූ නිසයි. ගර්භාෂයේ සිදු කළ පරීක්ෂාවකින් පසුව ඇයට දරුවන් අට දෙනකු ලැබීමට සිටින බව ඇසූ මේ තිස් හත් වියැති මව හා ඇගේ සැමියා සතුටු වූහ.
එහෙත් එම දරුවන් ඔවුනට මෙන්ම ලොවටම අපූරු විමතියක ආශ්වාදය ගෙන ආවෝ ය. ප්‍රසූතියේ දී වෛද්‍යවරුන් පවා විමතියට පත් වූයේ අටදෙනෙක් ලෙස ගණන් තැබූ දරුවන් ගණන දහයක් වීම නිසාය. මෙතෙක් එක් ප්‍රසූත අවස්ථාවක දී ලොව වැඩිම දරුවන් ගණනක් බිහි කළ කාන්තාව ලෙස ඇයගේ නාමය ලෝක වාර්තා අතරට එක් විය.
37 වියැති තමාරා සිතොලේ බිහි කළ දරුවන්ගෙන් තිදෙනෙක් ගැහැනු දරුවන් වූ අතර හත්දෙනෙක් පිරිමි දරුවන් විය. මින් දරුවන් පස්දෙනකු සාමාන්‍ය ලෙස උපත ලැබුවද දරුවන් පස් දෙනකු උපත ලැබුවේ සිසේරියන් සැත්කමකිනි.
ඇගේ සැමියා වන තෙබොහෝ මහතා ඒ මොහොතේ දී මාධ්‍යවල විමසීම්වලට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ, ‘‘මට ගොඩක් සතුටුයි. මේ මොහොතේ මම ගොඩක් සංවේදී වෙලා ඉන්න නිසා කතා කරගන්නත් අමාරුයි ‘‘ලෙසිනි.
මෙවැනි වැඩි සංඛ්‍යාවකින් යුත් දරු උපත් බොහෝ විට දරුවන් ලැබීම සඳහා සිදු කරන ප්‍රතිකාර නිසා ඇතිවිය හැකි වුවද තමාරා සිතොලේ එවැනි ප්‍රතිකාර ක්‍රම අනුගමනය නොකර ස්වභාවික ලෙසම මේ වාසනාවට උරුමකම් කී තැනැත්තියකි. මෙයට පෙර ද මේ යුවළට නිවුන් දරුවන් දෙදෙනකු සිටින අතර මේ වන විට ඔවුන්ගේ වයස අවුරුදු 6 කි.
ගැබිනි අවධියේ දී මෙන්ම ප්‍රසූතියෙන් පසුවද ඇය මනා සෞඛ්‍ය තත්ත්වයකින් යුතුව පසු වූවාය. මෙයට මසකට පෙර ප්‍රෙටෝරියා නිව්ස් සඳහා අදහස් දැක් වූ ඇය කියා තිබුණේ, ආරම්භයේ දී ඇය දැඩි වූ අතර නිරෝගී දරු උපතක් ඉල්ලා යාඥා කළ බවයි. නින්ද නොයන රාත්‍රීන්වල දී ඉපදීමට සිටින දරුවන් ගැන සිතමින් කරදර වූ බවයි. එමෙන්ම ඇය ගර්භණී අවස්ථාවේ දී අධික පාද වේදනාවකින් ද පීඩා විඳ තිබිණි.
සිතොලේ මහත්මියට පෙර මෙම වැඩිම දරුවන් සංඛ්‍යාවක් එකවර බිහි කිරීමේ ලෝකවාර්තාව හිමි වී තිබුණේ මොරොක්කොවේ 25 වියැති මවකටයි. හලීමා සිසේ නම් වන ඇය නිවුන් දරුවන් 9 දෙනකු බිහි කරමින් මේ වාර්තාව තබා තිබුණේ මෙයට මසකට පෙර ය.
සිතාමතා කාට හෝ තැබිය නොහැකි මේ සුන්දර වාර්තාව තවත් වසර ගණනාවක් පැවතෙනු ඇත. තම මව්පියන්, වෛද්‍යවරුන් මෙන්ම සමස්ථ ලොවම මවිතයට පත් කරමින් මෙලොවට පැමිණි මේ අපූරු දස නිවුන් දරුවන් අනාගතයේ දී ද පුවත් මවන්නන් ම විය හැකියි.
අන්තර්ජාලයෙනි