Monday, April 20, 2026
Epaper
Home Highlightsවිසිත්ත කාමරයට එම්බ්‍රොයිඩරි පහනක්

විසිත්ත කාමරයට එම්බ්‍රොයිඩරි පහනක්

by Shanaka Lakehouse

අත්කම් කලාව යනු නිර්මාණශීලීත්වය, ඉවසීම සහ අලංකාර හැඟීම් එකට එක් කරන විශේෂ කලාවකි. රෙදි, නූල් සහ විවිධ වර්ණ භාවිත කරමින් නිර්මාණය කරන කලා නිර්මාණ තුළින් නිවෙසේ අලංකාරය වැඩි කරන අතරම, නිර්මාණකරුගේ හැකියාව ද ප්‍රදර්ශනය වේ.

එම්බ්‍රොයිඩරි කලාව යනු එවැනි අලංකාර අත්කම් අතරින් විශේෂ ස්ථානයක් ගන්නා කලාවකි. රිබන්, නූල් සහ සීකුවින්ස් වැනි ද්‍රව්‍ය භාවිත කරමින් නිර්මාණය කරන මෙම නිර්මාණය, සෞන්දර්යය සහ නවීනත්වය එකට එක් කරන සුන්දර අත්කමකි.


අවශ්‍ය ද්‍රව්‍ය

කළු ලිනන් රෙදි කොටසක්

ගෝල්ඩ්, කොපර්, සිල්වර් වර්ණ සීකුවින්ස්

මෙටලික් ගෝල්ඩ්, රතු කැරලි නූල් (ෂයින් නූල්)

කහ කැරලි නූල්

කොළ පැහැ බේබි රිබන්

තද කහ, රතු, තද තැඹිලි, ළා දම්, ළා රෝස, ළා නිල් වර්ණවල බේබි රිබන්

කොළ පාට අඟල් 1/4 ඕගන්දි රිබන්

කොළ, තැඹිලි, රතු, පීච්, ගෝල්ඩ්, ළා රෝස, තද රෝස, සුදු වර්ණවල අඟල් 1/2 ඕගන්දි රිබන්

නො. 20 ටැපැස්ට්‍රි ඉඳිකටු (නූල් පොටවල් 6 දැමිය හැකි)

එම්බ්‍රොයිඩරි රාමුවක්

පොලිතීන් එකක් දැමූ සෘජුෆෝම් බෝඩ් එකක්

‍ෙඩ්‍රස් මේකින් කාබන් කොළයක්

ෆැබ්රික් ග්ලූ

කතුරක්, පැන්සලක්, ඇල්පෙනිති, ටූත් පික්

නිර්මාණය කිරීම

පළමුව මෙම නිර්මාණය අවශ්‍ය ප්‍රමාණයට විශාල කර දළ සටහනක් සකසා ගන්න. කළු ලිනන් රෙදි කොටස ගෙන ඒ මත දළ සටහන ‍ෙඩ්‍රස් මේකින් කාබන් කොළයක් ආධාරයෙන් පිටපත් කරගන්න.

එම්බ්‍රොයිඩරි රාමුව රෙදි කොටසට දමා, ඉඳිකටුවට මෙටලික් ගෝල්ඩ් නූල දමා පහන වටේටම (අවුට්ලයින්) දම්වැල් මැස්මෙන් මසා ගන්න.

ඉන්පසු ටැපැස්ට්‍රි ඉඳිකටුව ගෙන රතු, පීච්, ගෝල්ඩ්, ළා රෝස, තද රෝස, සුදු වර්ණවලින් අඟල් 1/2 ඕගන්දි රිබන් දමා පින්තූරයේ මල් ඇඳ ඇති තැන්වල රිබන් මැස්මෙන් මල් ටික මසාගන්න. මල්වල මැද කොටස සඳහා තද කහ, රතු, තද තැඹිලි, ළා දම්, ළා රෝස, ළා නිල් වර්ණවල බේබි රිබන් ටැපැස්ට්‍රි ඉඳිකටුවට දමා ප්‍රංශ ගැට මැස්මෙන් මසා ගන්න. කොළ ඉති මසා ගැනීමට කොළ පාට අඟල් 1/2 සහ අඟල් 1/4 ඕගන්දි රිබන් ගෙන රිබන් මැස්මෙන් මසා ගන්න.

නටු කොළ පාට බේබි රිබන් භාවිත කරමින් රිබන් එක අඹරවා කවුච් මැස්මෙන් ද, පොහොට්ටු සියල්ල තැඹිලි පාට අඟල් 1/2 ඕගන්දි රිබන් ගෙන ලේසි ඩේසි මැස්මෙන් ද මසා ගන්න.

පහන් දැල්ල ඉහළ මෙටලික් රතු කැරලි නූල්වලින් පිරවිලි මැස්මෙන් මසා, පහන් දැල්ල පහළ කහ කැරලි නූල්වලින් පිරවිලි මැස්මෙන් මසාගන්න. සියල්ල මසා අවසානයේ පොලිතීන් එකක් දැමූ සෘජුෆෝම් බෝඩ් එකක් ගෙන ඒ මත නිර්මාණය තබා රෙදි කොටස තද වන ලෙස ඇල්පෙනිති ගසා පින්තූරයේ පෙනෙන පරිදි අවශ්‍ය තැන්වල ගෝල්ඩ්, කොපර්, සිල්වර් සීකුවින්ස්, ෆැබ්රික් ග්ලූ සහ ටූත් පික් එකක් ආධාරයෙන් ළඟින් ළඟ අලවා ගන්න. ඉන්පසු වේළෙන්න තබන්න.

මෙම නිර්මාණය බොක්ස් ෆ්‍රේම් කර ගැනීමෙන් වැඩි ආකර්ෂණයක් ලබා ගත හැකියි.

 

TEXT – විදුමිණි දිසාකරුණා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?