අද කාලයේ සුන්දරත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන පිරිස අතර Body Waxing යනු ඉතා ජනප්‍රිය සත්කාර ක්‍රමයක් බවට පත්ව තිබේ. සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කර සම සුමුදු, පිරිසුදු හා
ආකර්ෂණීය ලෙස තබා ගැනීමට මෙය බොහෝ දෙනා තෝරාගන්නා ක්‍රමයකි. කාන්තාවන් පමණක් නොව, පිරිමිද අද වන විට wax කිරීම භාවිත කරති. අත්, පාද, කිහිලි ප්‍රදේශය, පසුපස, පපුව වැනි ශරීර කොටස්වලට මෙන්ම මුහුණේ තොල් උඩ, නිකට වැනි ප්‍රදේශවලටද waxing සිදු කරනු ලබයි.
Waxing යනු wax ද්‍රව්‍යයක් සම මත යොදා, රෝම මුලින්ම ඉවත් කරන ක්‍රමයකි. Shaving කරන විට රෝම ඉවත් වන්නේ මතුපිටින් පමණක් වන නමුත් waxing කිරීමෙන් රෝම මුලින්ම ඉවත් වන නිසා සති කිහිපයක් පුරා මෘදු සමක් පවත්වාගත හැකිය. ඒ නිසාම දිගු කාලීන ප්‍රතිඵල බලාපොරොත්තු වන අයට මෙය වඩාත් සුදුසු වේ.
Shaving, hair removal creams, trimming වැනි වෙනත් ක්‍රම තිබුණත්, රෝම මුලින්ම ඉවත් කර දිගු කාලයක් මෘදු සමක් ලබාදෙන නිසා waxing බොහෝ දෙනාගේ තේරීමක් වී තිබේ. එහෙත් waxing යනු අනවශ්‍ය රෝම ඉවත් කිරීමක් පමණක් නොව, නිවැරදිව නොකළහොත් සමට ගැටලු ඇති කළ හැකි ක්‍රමයක්ද වන නිසා ඒ පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත්ය.
Body Waxing යනු කුමක්ද?
Body waxing යනු wax නම් මැලියම් හෝ ක්‍රීම් වැනි ද්‍රව්‍යයක් සම මත තබා, strip එකක් හෝ කෙලින්ම ඇදීම හරහා රෝම මුලින්ම ඉවත් කරන ක්‍රමයකි. රෝම මුලින්ම ඉවත් වන බැවින් නැවත වැඩීමට සති 3 සිට 6 දක්වා කාලයක් ගත විය හැකිය.
Shaving කිරීමේදී රෝම ඉවත් වන්නේ සම මතුපිටින් පමණක් වන නිසා දින කිහිපයකින් නැවත රළු ස්වභාවයක් ඇතිවිය හැකිය. නමුත් waxing කිරීමෙන් සම දිගු කාලයක් මෘදු තත්ත්වයේ පවතින අතර, නිතර කරන විට අනවශ්‍ය රෝම වර්ධනය පමා වීමක්ද දක්නට ලැබේ.
සැලෝන් Waxing
සැලෝන්වලදී waxing කිරීම වෘත්තීයමය සේවාවක් ලෙස සිදු කරයි. රූපලාවණ්‍ය ශිල්පිනියක විසින් සමේ ස්වභාවය, කෙස් ගසේ ඝනකම සහ ශරීර ප්‍රදේශය අනුව hot wax, cold wax හෝ strip wax වැනි සුදුසු wax වර්ගයක් භාවිත කරයි.
සැලෝන් waxing කිරීමේ ප්‍රධාන වාසිය වන්නේ නිවැරදි තාක්ෂණය භාවිත කිරීමයි. විශේෂයෙන් අත් යට, කලවා දෙපස, පසුපස වැනි තනිව කරගැනීමට අපහසු ප්‍රදේශ සඳහා සැලෝන් waxing වඩාත් පහසුය. පළමු වරට waxing කරන අයකුට ද සැලෝන් එකකින් කරගැනීම වඩාත් සුදුසු වේ. එහෙත් සැලෝන් වැක්සින් සඳහා ගෙදර කරන waxing වලට වඩා වියදම වැඩිය.
ගෙදරදී කරන Waxing
අද වෙළෙඳපොළේ home waxing සඳහා නිෂ්පාදන බහුලව තිබේ. Wax strips, sugar wax, roll-on wax kits, hot wax warmers වැනි නිෂ්පාදන භාවිත කරමින් බොහෝ දෙනා ගෙදරදීම waxing කරති.
මෙහි වාසිය වන්නේ වියදම අඩු වීම සහ අවශ්‍ය වෙලාවේ පෞද්ගලිකත්වය රැකෙන පරිදි කරගත හැකි වීමයි. නැවත නැවත භාවිත කළ හැකි kits ද ඇත.
එහෙත් නිවැරදි ක්‍රමය නොදැන wax කිරීමෙන් රෝම කැඩී යෑම, සම ඉරීම, රතු පැහැ වීම, තැළීම හෝ උණු wax නිසා පිලිස්සීම් ඇති විය හැකිය. ඒ නිසා උපදෙස් හොඳින් කියවා භාවිත කිරීම ඉතා වැදගත්ය.
මුහුණට Wax කරනවාද?
මුහුණටද waxing කරන අතර එය Facial Waxing ලෙස හඳුන්වයි. මුහුණේ උඩු තොල, නිකට, කම්මුල්, නළල වැනි ප්‍රදේශ සඳහා මෙය බහුලව භාවිත කරයි. ඇහිබැම හැඩගැන්වීම සඳහාද wax කිරීම සිදු කරන නමුත් එය වෘත්තීයමය අයෙක් විසින් කිරීම වඩාත් සුදුසුය.
මුහුණේ සම ශරීරයේ සමට වඩා සංවේදී බැවින් body wax නොව facial wax නිෂ්පාදන භාවිත කළ යුතුය.
කුරුලෑ, කැපුම්, දද, කුෂ්ඨ හෝ මෑතකදී මුහුණු ප්‍රතිකාර කර තිබේ නම් waxing නොකළ යුතුය.
Wax Allergy ඇතිවිය හැකිද?
සමහර පුද්ගලයන්ට waxing නිසා අසාත්මිකතා ඇතිවිය හැකිය. Wax වල අඩංගු සුවඳ, රෙසින්, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය, කෘත්‍රිම වර්ණක, එසෙන්සල් ඔයිල් වැනි ද්‍රව්‍ය සමහර අයට ගැළපෙන්නේ නැත.
එවැනි අවස්ථාවල රතු වීම, කැසීම, දැවීම, බිබිළි, ඉදිමීම වැනි ලක්ෂණ පෙනෙන්නට පුළුවන.
වැඩි ප්‍රතික්‍රියාවක් ඇති වුවහොත් waxing නවතා කෝමාරිකා හෝ සුවඳ නැති රසායනික ද්‍රව්‍ය රහිත ක්‍රීම් එකක් භාවිත කළ හැකිය. තත්ත්වය දරුණු නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය වේ.
Wax කිරීමට පෙර සැලකිලිමත් විය යුතු දේ
Waxing කිරීමට පෙර පැච් ටෙස්ට් (patch test) එකක් කිරීම ඉතා වැදගත්ය. අතේ කුඩා ප්‍රදේශයක wax දමා ප්‍රතික්‍රියාවක් තිබේදැයි පරීක්ෂා කළ හැකිය.
සමේ තුවාල, කැපුම්, අව්වේ පිලිස්සීම, ආසාදන, කුරුලෑ හෝ දැඩි වියළි බවක් තිබේ නම් waxing නොකළ යුතුය. Wax කිරීමට පෙර දියර, තෙල් හෝ ඝන ක්‍රීම් නොයෙදීමද සුදුසුය. කෙස් ගසේ දිග ටිකක් තිබිය යුතු බැවින් ඉතා කෙටි රෝමවල waxing හොඳ ප්‍රතිඵල ලබා නොදේ.
Wax කිරීමෙන් පසු සත්කාර
Waxing කිරීමෙන් පසු සම ටිකක් සංවේදී විය හැකි බැවින් පසු සත්කාරය වැදගත්ය. පැය 24ක් උණු වතුර, නාන තටාක, පිහිනුම් තටාක, සෘජු හිරු එළිය, සුවඳ විලවුන් නිෂ්පාදන සහ ස්ක්‍රබ් කිරීමෙන් වළකින්න.
කෝමාරිකා ජෙල් යෙදීම සමට සහනයක් ලබාදේ. තද ඇඳුම් ඇඳීමෙන් වළකින්න.
කාටද සුදුසු?
දිගු කාලයක් මෘදු සමක් අවශ්‍ය අයට waxing හොඳ තේරීමකි. නිතර shaving කිරීමෙන් සම අඳුරු වීම හෝ රළු බව ඇති අයටද waxing ප්‍රයෝජනවත් විය හැකිය.
එහෙත් ඉතා සංවේදී සම, දරුණු දද, සමේ රෝග, ක්‍රියාකාරී කුරුලෑ, දියවැඩියාව නිසා සමේ රෝග මන්දගාමී සුව වීම ඇති අය වෛද්‍ය උපදෙස් ලබාගෙන waxing කිරීම වඩාත් සුදුසුය.
Body waxing යනු සුමුදු, පිළිවෙළ සහ පිරිසුදු පෙනුමක් ලබාදෙන ජනප්‍රිය රූපලාවණ්‍ය ප්‍රතිකාරයකි. සැලෝන් එකේ වෘත්තීයමය waxing සේවාවක් ලබාගත්තද, ගෙදරදී නිෂ්පාදන භාවිත කළද, නිවැරදි ක්‍රමය හා ආරක්ෂාව ඉතා වැදගත්ය. විශේෂයෙන් facial waxing සහ සංවේදී සම සඳහා වැඩි සැලකිල්ලක් අවශ්‍ය වේ.
සුන්දරත්වය සොයන ගමනේදී ලස්සන වීම පමණක් නොව, සමේ සෞඛ්‍යයද සුරක්ෂිත කර ගැනීම අත්‍යවශ්‍යය. Waxing කිරීමට පෙර දැනුවත් වීම, සුදුසු නිෂ්පාදන තේරීම සහ නිවැරදි පසු රැකවරණය අනුගමනය කිරීමෙන් හොඳම ප්‍රතිඵල ලබාගත හැකිය.
TEXT – විදුමිණි දිසාකරුණා
