නත්තල් මේසයට ඉටිපන්දම් සැරසිල්ලක්

දෙසැම්බර් 19, 2022

 

නත්තල අපේ අත ළඟටම ඇවිත්. වෙනදාට වැඩිය මේ නත්තල අපට සුවිශේෂයි. කොවිඩ් රැල්ල යම්තාක් දුරකට පහව ගිය නිසාම මේ නත්තල වෙනුවෙන් අපි හැමෝම සූදානම් වෙන්නේ අලුත් බලාපොරොත්තු රැසක් දෝත දරා ගෙන.

 

ඒ නිසාම ඔබේ නිවෙස සරසවන නත්තල් සැරසිලි දෙකක් අපි ඔබට ගෙන එන්නේ සුබ නත්තලක් වේවා යැයි ද පතමිනි.

මේ නත්තල් සැරසිල්ල පොයින්සෙටියා මලකින් සිදුකරනු ලබන අපූරු නිර්මාණයකි. බිත්ති සැරසිල්ලකට සේම දොර සැරසිල්කටත් උචිත මේ අලංකාර නිර්මාණය නිවෙසේදී ම හදාගන්නේ මෙහෙමයි.

 

ඉවතලන කාඩ් බෝඩ් කොටසක්

අඟලක පළල රතු රිබන් සහ නත්තලට ගැළපෙන රිබන්

රතු සහ කොළ වර්ණ ග්ලිටර් ෆෝම් ෂීට්

නිල් හා කොළ වර්ණ A4 1/8 පටි

ක්විලින් ටූල් එක

ක්විලින් වාර්නිෂ්

ගම්

කතුරක්

ග්ලූගන් එක

පැඩිං

අලංකාර කර නීම සඳහා ග්ලිටර්

 

පළමුව පහත දී ඇති මිමි අනුව බෝඩ් එකෙන් හතරැස් කොටුවක් කපා ගන්න. රූප සටහනේ පරිදි එහි මැද කොටස කපා ඉවත් කර ගන්න. මැද කොටස ඉවත්කර පසුව ඉතිරිවන කොටුවෙහි දෙපැත්තෙහිම පැඩිං අලවා ගන්න. එම කොටස පැඩිං අලවා  ටිකක් ඝනකමින් සකසා ගන්න. පසුව අඟලක පළල රතු රිබන් එකෙන් කොටුව වටේටම තැනින් තැනට ගම් යොදා ගනිමින් ඔතා අලවා ගන්න. පසුව පැඩිං ඇලවූ කොටුවෙහි වටේට අඟලක රතු රිබන් එකක් ඔතා අලවා ගන්න. පසුව ඉදිරිපිටට පමණක් පින්තූරයේ පෙනෙන ආකාරයට නත්තල සඳහා ගැළපෙන රූප සහිත රිබන් කොටස් හතරක් කපා අලවා ගන්න. සැරසිල්ල එල්ලා ගැනීම සඳහා අඟල් 1/2ක රිබන් කොටසක් කණපිට පැත්තෙන් අලවා ගන්න. ඉන්පසු පහත දී ඇති පොයින්සෙටියා මලේ පතරොම් භාවිත කර ග්ලිටර් ෆෝම් ෂීට් මත තබා ඇද මල් පෙති කපා ගන්න. රූප සටහනේ පරිදි කොළ ද කපා ගන්න. මල සකසා ගැනීම සඳහා දී ඇති ප්‍රමාණ තුනෙන් පෙති තුනක් භාවිත කර එක උඩ එක තබා අලවා මැදට පබළුවක් ද අලවා ගන්න.

සැරසිල්ල තවත් අසිරිමත් කිරීමට මේ මීටර් බෝලය භාවිත කරන්න කරගන්න.

ඔබ කැමැති වර්ණයක කඩදාසියක් ගෙන පෙපර් ක්විලීන් සඳහා යොදා ගන්නා හෑන්ඩ් පේපර් ෂේඩර් එකක ආධාරයෙන් කපා ගත A4 1/8 පටි 20 බැගින් ගෙන එක දිගට වැලක් ආකාරයට අලවා ගන්න. පසුව ක්විලින් ටූල් එක භාවිතකර ටූල් කර ටයිට් රෝල් සාදා ගන්න. සාදාගත් ටයිට් රෝල්, කප් එකක් ආකාරයට ඇද ගැනීම කර එහි ඇතුළත ගම් ආලේපකර වියළා ගන්න.

වියළාගත් පසු එවැනි කප් දෙකක් එකට තබා අලවා බෝලයක් ආකාරයට සකසා ගන්න. සාදා ගත් මීටර් බෝලය එල්ලීම සඳහා කෝඩ් නූල සම්බන්ධ කර ගැනීම සඳහා පොඩි ටයිඩ් රෝලක් මැද හිස් වන පරිදි සකසා උඩට අලවා ගන්න.

පසුව සම්පුර්ණ මීටර් බෝලයේම ගම් ආලේපකර වියළා පසුව ක්විලින් වාර්නිෂ් ආලේප කර හොඳින් වියළා ගන්න. මෙයට වැඩි අලංකාරයක් ගෙන දීම සඳහා ග්ලිටර්වලින් සරසා ගන්න.

පින්තූරයේ පෙන්වා දී ඇති ආකාරයට මීටර් බෝල දෙක අලවා ගන්න. පසුව රූපයේ පෙනෙන පරිදි තද වර්ණයකින් බෝ එකක් නිර්මාණය කර එයට උඩින් තබා අලවා ගන්න. දැන් බෝ එකට උඩින් මලක් අලවාගන්න. අනෙක් මල් සියල්ල අලවා ගැමීමේදී ඔබට කැමැති පරිදි වෙළෙඳපොළෙන් ලබා ගත් නත්තල් සැරසිලි උපාංග එක්කර බිත්ති සැරසිල්ල තවත් අලංකාර ලෙස සකසා ගන්න.

-------------------------

පොයින්සෙටියා මලෙන්  නත්තල් බිත්ති සැරසිල්ලක්

 

බිත්තියට අලංකාර සැරසිල්ලක් එක්කල අපි දැන් සූදානම් වෙන්නේ නත්තල් කෑම මේසයට එළිය එක්කරන ඉටි පන්දම් නිර්මාණයක් සකසා ගැනීමටයි. මේ මේස සැරසිල්ල ඔබේ නිවෙසට පැමිණෙන අමුත්තන් මවිතයට පත් කරාවි.

ග්ලිටර් ෆෝම් ෂීට්

නත්තල සඳහා ගැළපෙන වර්ණවල 1/8 A4 පටි

වෙළෙඳපොළෙන් ලබා ගත් තරමක ලොකු ඉටි පන්දමක්

ඝනකමින් යුතු 20cm × 20cm හතරැස් බෝඩ් කොටසක්

රිදී වර්ණ මිටර් බෝඩ් එකක්

ගම්

ග්ලූගන් එක

ග්ලිටර්

 

පළමුව 20cm × 20cm බෝඩ් කොටස මතුපිටට රිදී වර්ණ මිටර් බෝඩ් කොටසක් කපා අලවා ගන්න. ඉහත බිත්ති සැරසිල්ලේ දී ඇති පොයින්සෙටියා මලේ පතරොම් ග්ලිටර් ෆෝම් ෂීට් මත ඇද අවශ්‍ය පෙති කපා ගන්න. කපාගත් පෙති එක උඩ එක තබා අලවා මැදට පබළුවක් අලවා ගන්න. මේ ආකාරයට මල් තුනක් සකසා ගන්න. කොළවර්ණ ග්ලිටර් ෆෝම් ෂීට්වලින් ඉහත පතරොමෙහි පරිදි අවශ්‍ය කොළ ටික ද කපා ගන්න.

පසුව පින්තූරයේ පෙනෙන ආකාරයට ඉටි පන්දම, සකසාගත් මිටර් බෝඩ් එක මත තබා අලවා එහි ඉදිරි පසට පොයින්ට්සෙටියා මල් ද රූපයේ පරිදි අලවා ගන්න. පසුව නිර්මාණය කරගත් මිටර් බෝල ද අලවා වෙළෙඳපොළෙන් ගත් නත්තල් සැරසිලි ද එකතු කර ඔබේ නිර්මාණය අලංකාර කර ගන්න.

මිටර් බෝල සකස් කිරීමේදී ඉහත බිත්ති සැරසිල්ලට සකසා ගත් ආකාරයටම සකසා ගන්න.

 

උපදෙස් -

මහරගම ප්‍රාදේශීය ලේකම්

කාර්යාලයේ බාහිර උපදේශිකා

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

චූලනී ජයසිංහ